Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවට හිතවත් කැලෑ කපන භික්ෂුව, ඉඩම් ජාවාරම්කරුවෙක්, හිටපු ආණ්ඩුකාරවරයෙකුගෙන් කෙස් කෙළින් කරවන හෙළිදරව්වක්

ආණ්ඩුවේ බලය සහ හිතවත් කම් යොදා ගනිමින් භික්ෂුවක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වන සංහාරයක නිරතවන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පසුගියදා (17) හෙළිදරව් කළේ මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වමින්.

කෙසේ වෙතත් ආරක්ෂක ලේකම්වරයා අදාළ භික්ෂුවගේ අනන්‍යතාව හෙළි කිරීමෙන් වැළකී සිටියා.

නමුත් එයට ප්‍රතිචාර දක්වමින් තම Facebook ගිණුමෙහි සටහනක් තබන හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අදාළ භික්ෂුව කව්දැයි හෙළිකර තිබෙනවා.

ඔහු සඳහන් කර තිබෙන්නේ අදාළ භික්ෂුව අන් කවරෙකුවත් නොව උතුරු නැගෙනහිර හා තමන්කඩුව දිසාවේ නායක හිමි ලෙස කටයුතු කරන පනාමුරේ තිලකවංශ නමැති භික්ෂුව බවයි.

ඉඩම් ජාවාරම්කරුවෙක්

රජිත් කීර්ති මහතා පවසන්නේ ඔහු දන්නා ආකාරයට අදාළ භික්ෂුව කැලෑ කැපීම සිදුනොකරන බව සහ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරමක නිරතවන බවයි.

ගෝඨාභය මහතා පත්කළ පුරා විද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙක්

එමෙන්ම අදාළ භික්ෂුව ජනාධිපතිවරයා පත් කරන ලද නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකුද වනවා.

මේ පිළිබඳ සඳහන් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා තම Facebook ගිණුමෙහි තැබූ සටහනයි මේ..

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා, ත්‍රීකුණාමලේ කැලෑව කපන බවට චෝදනා කරන භික්ෂුන් වහන්සේ වෙන කවුරුවත් නොව උතුරු නැගෙනහිර හා තමන්කඩුව දිසාවේ නායක හාමුදුරුවෝ වන පනාමුරේ තිලකවංශ හිමි ය.

හදුණාගන්න පහසුවට කිව්වොත්, ගෝඨාභය ජනාධිපතිතුමා ‘නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා‘ (තනි සිංහල) යේ සාමාජිකයෙකු ද වන්නේ මේ පනාමුරේ තිලකවංශ හිමියෝ මය.

මා හොදින්ම දන්නා තරමට නම්, පනාමුරේ හාමුදුරුවෝ කරන්නේ කැලෑ කපන එක නොව ‘ඉඩම් අල්ලන එක‘ ය. නැගෙනහිර පළාතේ විශාල පුරා විද්‍යා ස්මාරක සංඛ්‍යාවක් තියෙනවා. ගල් කුණුවක් වගේ එකක් තියෙන තැනක බලලා එතන සුද්ද කරලා ‘පුංචි කාමරයක් හදලා‘ එතන මුලින්ම පුද්ගලයෙක් නවත්වනවා.

ඊට පස්සේ එම ස්ථානයට අයත් අක්කර 50 -60 ක් තිබුණා කියලා ලේඛන හදාගෙන එම ඉඩම කොටු කර ගන්නවා. හැබැයි ලංකාවේ අනිත් තැන්වල වෙනවා වගේ මහා පරිමාණයෙන් කැලෑ කපන චෝදනාවක් පනාමුරේ තිලකංශ හාමුදුරුවන්ට නෑ. තියෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් හෑම කෙනාටම අයිති ඉඩම් අල්ලා ගැනීම ගැන චෝදනා රැසක්.

මුස්ලිම් මිනිස්සුන්ගේ වගා බිම් තමයි ඒ අතර මුලික වෙන්නේ. වෙනත් පන්සල්වලට අයිතිව තිබුණු ඉඩම් අල්ලාගත් බවට ත් ඒ දුක් ගැනවිලි රැසක් තියෙනවා. විස්තර ඕනි කෙනෙකුට ගිරිහඩු සෑයේ නායක හාමුදුරුවන්ගෙන් අහගන්න පුළුවන්.

අල්ලපු ඉඩම් අතර, සිංහල ගොවියන්ට අයිති පාරම්පරික ඉඩම් රැසක් තියෙනවා. ඉඩමක් අල්ලා ගත්තට පස්සේ අඩි දෙකක් විතර උස කොන්ක්‍රීට් කනු හිටවනවා. ඊටත් පස්සේ මේ කනුවල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මායිම් ගල විදිහට පාට ගානවා. ඊට පස්සේ ගොවියෝ එතනට යන්න බයයි.

පුල්මුඩේ, කුච්චිවේලි, හැම ඉඩමක්ම අල්ලලා තියෙන්නේ මේ විදිහට. මේක සංවිධානාත්මක බලහත්කාරී වැඩක්. හැබැයි නැගෙනහිරවත්, රත්නපුරේ, මාතලේ, මහනුවර, පොලොන්නරුවේ මහා පරිමානයෙන් ගස්, රක්ෂිත කැලෑ කැපිල්ලයි ඉඩම් ඇල්ලිල්ලයි අතර වෙනසක් තියෙනවා.

මෙතන තියෙන්නේ ගස් කපනවාට වඩා ඉඩම් ඇල්ලිල්ල. (එකක් වත් හරි කියලා නෙවෙයි කියන්නේ) මේ හාමුදුරුවෝ ඉන්නේ ග්‍රාම ආරක්ෂකයෝ පිරිවරාගෙන. කලින් නම් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවත් තිබුණා. දැන් නම් එහෙම තියෙනවා ද දන්නේ නෑ.

© රජිත් කීර්ති තෙන්නකෝන්