2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව ජාතික ගැටළුක් විසඳයි – ජාතික කොඩියේ සිංහයාටත් වෙනසක්

ජාතික කොඩියේ සිංහයාගේ ස්වරූපය සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ඉදිරියේදී අදාළ වෙනස් කම් සිදු කිරීම සඳහා පියවර ගන්නා බවයි.

සිංහයාගේ ස්වරූපය පිළිබඳ මේ වනවිට විවධ අදහස් ඉදිරිපත් වී ඇති බවත් එම අදහස් සියල්ල විශ්ලේෂණය කර නිර්මාණකරුවන්ගේ දායකත්වය සහ පාර්ලිමේන්තුවේ අවසරය මත ඉදිරියේදී ඇදල වෙනස් කම් සිදු කිරීමට බල පොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.

මේ අතර මෙවර ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය ගයනා කෙරෙනේ සිංහල බසින් පමණක් බවද කමල් ගුණරත්න මහතා සඳහන් කළා.