Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආක්ෂේගේ වැලන්ටයින්

  ඔයාලා දන්නවා නේ වැලන්ටයින් දිනය. බොහෝ දෙනෙක් වැලන්ටයින් දිනය වෙනුවෙන් “අයි ලව් යූ” කිය කියා තමන්ගේ පෙම්වතියන්ට සුබ පතද්දී ටික කාලෙකට කලින් බොලිවුඞ් පුර පෙම්වතෙක් ටිකක් අමුතු විදිහකට සුබ පැතුම් එකතු කළ බව අපට ආරංචි වුණා. ඒ ආක්ෂේ කුමාර්. එදා දවසේ කට්ටිය රතු පාට ඇඳගෙන, හදවත් හැඩයේ පින්තූර, ටෙඞී බෙයාර්ලා වගේ දේවල් හුවමාරු කර ගත්තට මොකද මෙයා නම් එහෙම කළේ නැහැ. අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ වෙබ් අඩවියකට ගිය ආකි, තමන්ගේ ආදරය හා වැලන්ටයින් දිනයේ තමා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටික ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. එයා කිව්වේ මෙහෙම යි…

    “සැදැහැවත් පෙම්වතුන්ට සුබ වැලන්ටයින් දිනයක් වේවා. මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා මේ දවසේ මේ ලෝකේ තමන් වැඩියෙන් ම ආදරය කරන ගැහැනියට කතා කරලා, ඇයට ප‍්‍රශංසා නොකරනවා නම්, ඔයාලාගේ ආදරයෙන් වැඩක් නැහැ. එහෙම කරන්න බැරි නම් එයාව ඔයාට අයිතිත් නැහැ. ඒ නිසා මම දෙන උපදෙස තමයි හැමෝ ම මම වගේ හිතට ධෛර්යය අරගෙන ගිහින් තමන් වෙනුවෙන් මහා ගොඩක් කැප කිරීම් කරපු නියම ගැහැනියට කියන්න එයා කොයි තරම් වැදගත් ද කියන එක. ඒ ඔයාගෙ පෙම්වතිය ම නෙවෙයි, බිරිඳ වෙන්නත් පුළුවන්…”

    අනේ මගේ මහත්තයාටත් මේ පත්තරය කියවන්න ලැබුණා නම්… කියලා දැන් සමහර බිරින්දෑවරු කල්පනා කරනවා ඇති නේද?