Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කැබිනට් සහ රාජ්‍ය ඇමති විෂය පථ 18ක් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර බෙදේ

දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලයේ කැබිනට් ඇමති ධූර 4 ක් හා රාජ්‍ය ඇමති ධූර 2 ක් එකතුව 6 ක් රාජපක්ෂ පවුලේ අය අතර බෙදී ගොස් තිබේ.

විෂය පථ වශයෙන් සැලකීමේදී කැබිනට් ඇමති විෂය පථ 10 ක් රාජ්‍ය අමාත්‍ය විෂය පථ 08 ක් එකතුව විෂය පථ 18 ක් එම පවුලේ සාමාජිකයන් අතරේ බෙදී ගොස් තිබේ.

ඒවා මෙසේය ,

ආරක්ෂක අමාත්‍ය – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
මුදල් බුද්ධශාසන ,ආගමික සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
වාරිමාර්ග අමාත්‍ය – චමල් රාජපක්ෂ මහතා
තරුණ හා ක්‍රීඩා ඇමති – නාමල් රාජපක්ෂ
මහතා

අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරන රාජ්‍ය – චමල් රාජපක්ෂ මහතා

වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය – ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා