Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපේ දරුවන්ගේ ජීවිත ජීවිත නෙමෙයිද? අම්මලා ආණ්ඩුවේ පතුරු ගලවයි (Video)

ආණ්ඩුව සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් වල විසබීජ හරණය සඳහා මුදල් වෙන් කොට වැඩසටහන් දියත් කර ඇති බව පැවසුවද එය අසත්‍යක් බව පවසමින් මව්වරුන් පිරිසක් ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ල කරනවා.

පන්නල ප්‍රදේශයේ පාසලක් අසල රැස් වූ මව්වරුන් පිරිසක් මෙලෙස චෝදනා කළේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පාසල් අරඹන බවත් බිය නොවී දරුවන්ව පාසලට එවන ලෙසට අධ්‍යාපන ලේකම්වරයා පවසා සිටියත් පාසල පිරිසිදු කිරීමට පවා දරුවන්ට සිදුව ඇති බවට ඔවුන් පවසනවා.

විෂබීජ හරණය කෙසේ වෙතත් දරුවන්ට අත සෝදා ගැනීමටවත් පහසුකම් දරුවන්ට සපයා නොමැති බවට ද ඔවුන් චෝදනා කළා.

රජයේ මෙන්ම මුදල් හදල් ඇති අයගේ දරුවන් නිවෙස් වල තබාගෙන අධ්‍යාපනය ලබා දෙමින් නැති බැරි මිනිසුන්ගේ දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලමින් ආණ්ඩුව කටයුතු කරන බවටද ඔවුන් චෝදනා කළා.

යම්කිසි සිදුවීමක් වුවහොත් එහි වගකීම අධ්‍යාපන ලේකම්වරයා විසින් භාර ගන්නවාදැයි ප්‍රශ්න කළ මව්වරුන් , දරුවකුට යම්කිසි විපතක් සිදු වුවහොත් අධ්‍යාපන ලේකම්වරයාට නැවත තම දරුවා ලබා දියහැකි දැයි ද ප්‍රශ්න කළා.

මෙවන් වටපිටාවක් තුළ තම දරුවන් පාසල් එවීමෙන් වැළකීමට ඔවුන් කටයුතු කරනු ලබන බවයි මව්වරුන් සදහන් කළේ.