බැසිල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති පුටුවට ඉතා පැහැදිලිව සුදුසුකම් ඇති පුද්ගලයෙකු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරනවා.
බැසිල් රාජපක්ෂ මහතා මෙරට රාජ නායකත්වය සඳහා දිනක ඉදිරිපත් වන්නේ නම් බහුතර ජනතාවත් සමග එළියට බැස පසුපෙළ මන්ත්‍රීවරු ලෙස පෙනී සිටින බවද පෙන්වා දෙන කුට්ටිආරච්චි මහතා අවධාරණය කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණ බිහි නොකලානම් අද ආණ්ඩුවක්ද නොමැති බවයි.
එමෙන්ම මේ වන විට රටේ පාලන බලය හොබවන ගෝඨාභය , මහින්ද, බැසිල් යන සොයුරන් අතරේ විරසක නිර්මාණය කිරීමට යමෙකු උත්සහ කරන්නේ නම් එය නිෂ්පල කටයුත්තක් බවද කුට්ටිආරච්චි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක