Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අඟහරු පෘථිවියට ළං වෙයි.

ඔබ මෙම සති අන්ත රාත්‍රියේ අහස බැලුවහොත් සඳට ඉතා ළඟින් රතු පැහැයෙන් දිළිසෙන තාරකාවක් දක්නට ලැබෙනු ඇත. ඒ, අඟහරු ග්‍රහයා සිය දීප්තිමත් රතු පැහරය විදහා දක්වන ආකාරය යි.

ඔක්තෝබර් මාසය පුරා සෑම මධ්‍යම රාත්‍රියක ම මෙම දසුන දැක ගැනීමට ලෝකවාසීන් හට හැකි වනු ඇත. සෑම සන්ධ්‍යාවක ම නැඟෙනහිර දෙසින් හා සෑම හිමිදිරියක ම බස්නාහිර දෙසින් අඟහරු ග්‍රහයා දිස් වන බව සියලු දෙනා හට දැක ගැනීමට හැකි වේ.

මෙම ග්‍රහයා පෘථිවියෙන් මයිල 38,586,816ක් පමණ දුරින් පිහිටා ඇති අතර මෙම වසරේ ඔක්තෝබර් මස 06 වන දින උදෑසන 10.18ට අන් කවරදාකටත් වඩා අප වෙත ළං වනු ඇති බවට අනාවැකි පළ ව තිබේ. 2035 වන තුරු නැවත මෙවැනි ළඟා වීමක් සිදු වන්නේ ද නැත.

වසර 60,000කට පසු 2003 වසරේ දී අඟහරු ග්‍රහයා මේ අන්දමින් ම පෘථිවිය වෙත ළං විය. ඒ මයිල මිලියන 34.65ක දුරක් දක්වා පැමිණෙමිනි. ලබන සතියේ සිට පෘථිවි ග්‍රහයා අඟහරුත් සූර්යයාත් අතර දෝලනය වෙමින් පවතිනු ඇත.

ඔක්තෝබර් මස 13 වන දින වන විට එම ග්‍රහයා පෘථිවියත් සූර්යයාත් සමඟ 180°ක කෝණයකින් එනම්, සරල රේඛාවක පිහිටනු ඇති බව නාසා ආයතනය පවසා සිටියි.