දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියේදී වැඩිවීමක් සිදුවනු ඇති බව දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුර, උතුරු මැද , නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින් තැන විශේෂයෙන්ම සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයෙහි සඳහන්.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසද කළු නිදා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මුහුද රළු වෙයි
දිවයිනට ඊසාන දිග සහ දකුණු ප්‍රදේශවල මුහුදේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ බේරුවල සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
වැසි සමඟ ඇතිවන තද සුළං හේතුවෙන් ඇතැම් ස්ථානවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහල යාමට ඉඩ ඇති බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල නාවුක සහ ධීවර කටයුතුවල යෙදීමේ දී දැඩි අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දෙනවා.
මෙම රතු නිවේදනය අද උදෑසන 7.30 සිට හෙට උදෑසන 7.30 දක්වා වන පැය 24ක කාලය සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට