එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට සමුදීමට අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු අද පෙරවරුවේ (23) ‘සිරිකොත’ එජාප පක්ෂ මූලස්ථානයේ පවතී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී දැනුම් දේ තිබෙනවා.
එමෙන්ම සිරිකොත ආරංචි මාර්ග පවසන ආකාරයට ඔහු තම කාර්යාලයේ ඇති ලිපිගොනු පවා ඉවත් කරගෙන ඇති බව සදහන්.
කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් පක්භාෂ නායක රනිල්ර වික්ගරමසිංහ මහතා විසින් පිළිගත් බවක් මෙතෙක් තහවුරු වී නැහැ.
තම මහලේකම් ධුරයෙන් ඉවත් වූ අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කර තිබෙන්නේ ඉදිරියේදී පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ රුවන් විජයවර්ධන මහතාගේ මුලිකත්වයෙන් සිදු කෙරෙන පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලට සහය ලබාදීම සදහා තමා අදාල මහලේකම් ධුරයෙන් ඉවත් වූ බවයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික සේවක සංගමයේ සභාපති ධුරය ද දරන්නේ අකිල විරාජ් කාරියවසම් මහතා වන අතර එම තනතුර සම්බන්ධයෙන් ඔහු මෙතෙක් කිසිවක් සදහන් කර නැහැ.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි