Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෛද්‍ය ජයරුවන්ගේ කතාව ඇත්තක් – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ද පවසයි

අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විහිලුවට නොගෙන ජනතාවට සැබෑ සහන ලබා දෙන්නැයි කියයි

ඉතා අඩු මිලකට ජනතාව සඳහා PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව පැවතිය ද විවිධ මාෆියාවන් ට අදාළ අංශ යටවීම හේතුවෙන් වැඩි මිලටකට ජනතාවට ඉහත පරීක්ෂණ සිදු කිරීමට සිදුව ඇති බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පසුගියදා විශේෂ අනාවරණයක් සිදුකළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ අදාල පර්යේෂණ රු.600 – රු.800 වැනි මුදලකට සිදුකළ හැකි බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් සිදුකර තිබුණා.

මීට ප්‍රතිචාර දක්වන වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් සහ විද්‍යාඥයින්ද නියෝජනය කරන වෘත්තිය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් අවධාරණය කර ඇත්තේ අපරාධ පරීක්ෂණයක් මගින් බියවැද්දීම වෙනුවට තාක්ෂණික විමර්ශනයක් මගින් ජනතාවට සහන සැලසීමට අදාළ අංශ කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ ප්‍රකාශයේ වරදක් නොමැති බවද ඔවුන් පවසනවා.

අදාළ මාධ්‍ය නිවේදනය පහලින්..

අපරාධ පරීක්ෂණයක් මගින් බිය වැද්දීම වෙණුවට, තාක්ෂණික විමර්ෂණයක් මගින් ජනතාවට සහන සලසන්න

  • වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණයකට ලක් කල යූ ටියුබ් සාකච්ඡාවට අදාලව සිදුව ඇති අපරාධය කුමක්ද යන්න පැහැදිළි නැත.

PCR සහ රැපිඩ් ඇන්ටිගෙන් වල මිළ.ගණන් පිළිබදව ඔහු කල ප්‍රකාශයේ අසත්‍යතාවයක් පෙනෙන්නට නොමැති ඇතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් ඇත්නම් PCR කට්ටලයක් රුපියල් 800/- වඩා අඩු මුදලකටත්, රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් රුපියල් 800/- වඩා අඩු මුදලකටත් ලබාදීමේ හැකියාව පවතී. ඖෂධ නියාමන ඇධිකාරයේ අනුමැතිය නොමැතිව දීරග කාලයක් තිස්සේ හිරවී ඇති නිශ්පාදන කඩිනමින් ලබා ගැනීමට හැකිය.

මෙම තොරතුරුවල සත්‍ය අසත්‍ය බව කඩිනමින් සොයා බලා, මහජනතාවට, රටට සහ රජයට වාසි සැලසීම වෙණුවට, තොරතුරු ලබාදෙන නිළධාරීන් දණ්ඩනයට, මර්ධණයට සහ බිය වැද්දීම් වලට ලක් කර සත්‍ය තොරතුරු වාර්ථාවීම වලක්වා ගැනිම, දූෂිත නිළධාරීන්ගේ ක්‍රමවේදයකි.

එනයින් ජයරුවන් බණ්ඩාර මහතා හෙලිදරව් කරන ලද කරුණු පිළිබද කඩිනම් තාක්ෂණික විමර්ෂණයක් සිදු කර එයින් රටට හා මහජනතාවට ලබා දිය හැකි වාසි සැලසීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලමු. එසේම ඒ අරඹයා අපරාධ පරීක්ෂණයක් සිදු කිරීම සියුම් බියවැද්දීමක් සහ නිවැරදි තොරතුරු වාර්ථාවීම වැලක්වීම සදහා ගණු ලබන ක්‍රියාවක් මෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යන් හෑල්ලුවට ලක් කිරීමක් බව අප විශ්වාස කරමු.

රවී කුමුදේශ්
කැදවුම්කරු
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

About The Author