මියන්මාරයේ යාන්ගොන් නගරයේ ආරක්ෂක අංශ විසින් රැයක් පුරා සිර කරගෙන සිටි විරෝධතාකරුවන් පිරිසක් ඔවුන් සිර වී සිටි ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
සාන්චුන් දිස්ත්‍රික්කයේ වීදි හතරක ප්‍රදේශයක පුද්ගලයන් 200ක් පමණ මෙලෙස අත්අඩංගුවට පත් ව සිටි අතර පොලිසිය එම වීදි සියල්ල වසා දමා තිබිණි.
පොලිසිය විසින් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් තිබුණු නමුත්, පසුගිය රාත්‍රියක පොලිස් නිළධාරීන්ගේ සංඛ්‍යාව අඩුවීම පිළිබඳ විමසිල්ලෙන් සිටි ඔවුන් පලා යාමට සමත් වූ බව ප්‍රදේශවාසියෙකු පවසා තිබේ.
පසුගිය අඟහරුවාදා සිට මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගොන් නගරය තුළ තව තවත් උද්ඝෝෂණ පැවැත් වෙමින් තිබෙන බව පෙනේ.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර