මේ වසර තුළ දෙවන වතාවටත් කොවිඩ් 19 වෛරසය බ්‍රිතාන්‍ය දේශපාලනයේ ඉහළ ම තලය වෙත පැමිණ ඇති බව පෙනේ. මන්දයත් අගමැති බොරිස් ජොන්සන් හට ස්වයං නිරෝධායනයට ලක් වීමට සිදු වී ඇති හෙයිනි.
පසුගියදා ජොන්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “කොවිඩ් -19 වසංගතයෙන් පෙළෙන පුද්ගලයෙකු සමඟ තමා ගනුදෙනු කළ බැවින් ආරක්ෂාව සඳහා තමන් හට ඉදිරි සති දෙකක් ස්වයං හුදෙකලා වීමට සිදු ව ඇති” බවයි.
ඔහු වීඩියෝ පණිවුඩයකින් පැවසුවේ තමාට රට පිළිබඳ විශාල හැඟීමක් ඇති බවත් එක්සත් රාජධානියේ වෛරස ව්‍යාප්තිය පහත හෙළීමට මෙන් ම ඔහුගේ “#BuildBackBetter” ව්‍යාපෘතිය සඳහා ද රජයේ සැලසුම් බොහොමයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් යි.
එම පණිවිඩයෙන් දෙන සුභවාදී හැඟීම කෙතරම් වැදගත් වුව ද, සම්පූර්ණ දින 14ක් සියල්ලන්ගෙන් වෙන් ව සිටීමට සිදු වී ඇති හෙයින්, හුදකලාව සිරවී සිටීම අගමැතිවරයාට කෙතරම් බලවත් පහරක් වනු ඇත් ද යන්න සිතා ගත නොහැකි ය.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්