Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බොරිස්ට ආයෙත් කොරෝනා හැදෙයි ද?

මේ වසර තුළ දෙවන වතාවටත් කොවිඩ් 19 වෛරසය බ්‍රිතාන්‍ය දේශපාලනයේ ඉහළ ම තලය වෙත පැමිණ ඇති බව පෙනේ. මන්දයත් අගමැති බොරිස් ජොන්සන් හට ස්වයං නිරෝධායනයට ලක් වීමට සිදු වී ඇති හෙයිනි.

පසුගියදා ජොන්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “කොවිඩ් -19 වසංගතයෙන් පෙළෙන පුද්ගලයෙකු සමඟ තමා ගනුදෙනු කළ බැවින් ආරක්ෂාව සඳහා තමන් හට ඉදිරි සති දෙකක් ස්වයං හුදෙකලා වීමට සිදු ව ඇති” බවයි.

ඔහු වීඩියෝ පණිවුඩයකින් පැවසුවේ තමාට රට පිළිබඳ විශාල හැඟීමක් ඇති බවත් එක්සත් රාජධානියේ වෛරස ව්‍යාප්තිය පහත හෙළීමට මෙන් ම ඔහුගේ  “#BuildBackBetter” ව්‍යාපෘතිය සඳහා ද රජයේ සැලසුම් බොහොමයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් යි.

එම පණිවිඩයෙන් දෙන සුභවාදී හැඟීම කෙතරම් වැදගත් වුව ද, සම්පූර්ණ දින 14ක් සියල්ලන්ගෙන් වෙන් ව සිටීමට සිදු වී ඇති හෙයින්, හුදකලාව සිරවී සිටීම අගමැතිවරයාට කෙතරම් බලවත් පහරක් වනු ඇත් ද යන්න සිතා ගත නොහැකි ය.