නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මාධ්‍ය කටයුතුවල නිරත වෙන මාධ්‍යවේදීන් ඇතුළු ව සියලු මාධ්‍ය වේදීන්ගේ භාෂණයේ නිදහස අභියෝගයට ලක් කිරීමෙන් වළකින ලෙස දැනුම්දෙමින් මාධ්‍ය නීති සංසදය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ප්රඥප්ති වලද පිළිගෙන ඇති බව අවධාරණය කරන මාධ්‍ය නීති සංසදය පෙන්වා දෙන්නේ ආසන්න දින කිහිපය මුළුල්ලේම පොලිසිය එම අයිතිවාසිකම් අභියෝගයට ලක් කරමින් මාධ්‍යවේදීන් බියගැන්වීමේ ක්‍රියාවලියේ යෙදී සිටින බවයි.
මෙම තත්ත්වය පිළිබඳව වහා අවදානය යොමු කරමින් කටයුතු කරන ලෙස අදාළ ලිපිය මගින් ඔවුන් පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි