Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට තවත් මාස තුනක් කල් දෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ ආණ්ඩුකම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එම කටයුතු අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් මාස තුනක කාලයක් ලබා දී ඇති බව වාර්තවනවා.

නව ආණ්ඩුකම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදාට පෙර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මීට පෙර උපදෙස් ලබා දී තිබුණා.

එහෙත් එම කටයුතු මෙතෙක් අවසන්වී නැති අතර එම කටයුතු අවසන් කිරීම සඳහා තවත් මාස තුනක කාලයක් මෙසේ ලබා දුන් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සතියට කීප වරක් රැස්වී ඒ පිළිබඳ යෝජනා අධ්‍යනය කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

© ලංකාදීප

About The Author