Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තමුසෙත් ආණ්ඩුවක් කළා නේදැයි මගෙන් ඇහුවා : කුස්සියේ ලිප පත්තු කරන්න ගිහින් මැතිණියවත් කාන්තාවන්ගෙන් කුණුහරුප ඇහුවේ නෑ

මෛත්‍රී පෙරළා පහර දීමකට සැරසෙයි

මැතිණිය යුගයේ පාලන සමය සහ වත්මන් පාලන සමය සමාන කිරීමට ඇතැමුන් උත්සාහ දරන බව පවසමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළා.

ආණ්ඩු පක්ෂය තුළම රැඳී සිටිමින් ඔහු මෙලෙස අදහස් ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

අද ආණ්ඩුවේ සිටින පිරිස් එදා තමන්ට සිදුකළ අපහාස උපහාස පිලිබද අමතක නොමැති බවද පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගොවි ජනතාවගෙන් සහ ගෘහණියන්ගේ කුනුහරප බැනුම් නෑසු බවද සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළ අතර ඔහු පෙන්වා දුන්නේ දෙල්කඳ පොලේ ගිය පසු සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලොතරැයියක් ඇදුන බවත් ඒ ආකාරයෙන් ම තමන් රට වටේ ගොස් අවසන් වන විට ඇදීමට බැරි කමක් නැති බවයි.

ආණ්ඩුවේ ඇතැම් කරුණු පිළිබඳව විවේචනය සිදුකරද්දී පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල හරහා ” තමුසෙත් ආණ්ඩුවක් කලා නේදැයි “ විමසා තිබූ බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් ජනාධිපති ධුරය දරන සමයේ මුහුණ දුන් අපහාස උපහාස පිළිබඳව ද අදහස් පළ කළා.

එදා තමන්ට නින්දා අපහාස කළ අය අද ආණ්ඩු බලය ලබාගෙනත් කොතරම් ජනතාවගේ අප්‍රසාදයට නින්දාවට ලක් වී තිබෙන්නේ දැයි ඔහු ප්‍රශ්න කිරීමද විශේෂත්වයක්.

මෛත්‍රී විපක්ෂයේ බලය ඇල්ලීමකට සැරසෙයි

මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වී තිබෙන අර්බුදය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් දරමින් සිටින ආණ්ඩුවේ අමාත්‍යධුර කිහිපයෙන් ඉවත් වීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඉවත්ව යාම කෙසේ වෙතත් ඉවත් කිරීමක් සිදු වනු ඇති බවට ද තොරතුරු පවතින බවයි.

කෙසේ වෙතත් මතුවන ඕනෑම තත්ත්වයක් තුළ නිදහස් පක්ෂය විපක්ෂ භූමිකාවට මාරුවීම සඳහාත් මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායක ධුරයට පත්වීම සඳහා ද යම් දේශපාලන කතාබහක් පවතින බවටද කණින් කොණින් දේශපාලන ඕපාදූප ඔස්සේ තොරතුරු වාර්තා වනවා.

About The Author