දෙවන ලෝක යුද්ධයෙන් පසු, නැවත එවැන්නක් ඇති නො වීම සඳහා අත්සන් තැබුණු එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වනවා ද? යන්න සොයා බැලීම සඳහා ඇති කර ගන්නා ලද ජිනීවා කොමිසම යනු සිවිල් වැසියන්ට, යුද සිරකරුවන්ට (POWs) සහ වෙනත් ආකාරයකින් හෝර්ස් ඩි සටන් (ප්‍රංශ, වචනාර්ථයෙන් “සටනින් පිටත”) හෝ සටන් කිරීමට නොහැකි වූ සෙබළුන්ට සැලකීම ආදිය පිළිබඳ ගිවිසුම් මාලාවකි. ස්විස්ටර්ලන්තයේ ජීනීවා අගනුවර දී පැවැත්වෙන මෙම සමුළුව පිළිබඳ මේ දිනවල ද කතාබහක් ඇති වී තිබේ. අද වන තෙක් ඔවුන්ගේ මැදිහත් වීම හරහා එක් වූ රටවල් තිබෙන නමුත්, අදාළ සමුළුවේ මැදිහත්වීමෙන් බිඳී වෙන් වූ රාජ්‍යයන් ද තිබෙන බව පෙනේ.
කොරියානු යුද්ධය සහ පළමු ඉන්දුචීන යුද්ධය හේතුවෙන් ඇති වූ කැපී පෙනෙන ගැටලු කිහිපයක් නිරාකරණය කර ගැනීම අරමුණු කර ගත් ජිනීවා සමුළුව, 1954 අප්‍රියෙල් 26 වන දා සිට ජූලි 20 වන දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී රැස් විණි. මෙය ජාතීන් කිහිපයක් සම්බන්ධ කර ගත් සමුළුවක් විය. කෙසේ වුවත් කොරියානු ප්රශ්නය පිළිබඳ කොටස කිසිදු ප්‍රකාශයක් හෝ යෝජනා ඉදිරිපත් කිරීමක් සිදු නොකර අවසන් වූ අතර එය එතරම් අදාළ ද නොවිණි.
එනමුත් ප්‍රංශ ඉන්දුචීන විසුරුවා හැරීම සම්බන්ධයෙන් කටයුතු කළ ජිනීවා ගිවිසුම් තුළ දිගුකාලීන ප්‍රතිවිපාක ඇති බව ඔප්පු විය. ඒ අනුව අග්නිදිග ආසියාවේ ප්‍රංශ අධිරාජ්‍යය බිඳවැටීම නිසා වියට්නාම් ප්රජාතන්ත්රවාදී ජනරජය (උතුරු වියට්නාමය), වියට්නාම් ප්‍රාන්තය (අනාගත වියට්නාම් ජනරජය, දකුණු වියට්නාමය), කාම්බෝජ රාජධානිය සහ ලාඕස රාජධානිය පිහිටුවා ගැනීම පිණිස හේතු බිහි විය.
වඩාත් කරදරකාරී කරුණක් වූයේ වියට්නාමය මත යටත් විජිත පාලනය අඛණ්ඩ ව පවත්වාගෙන යාමට අදහස් කළ කොමියුනිස්ට්වාදියෙකු වූ හෝ චි මිංගේ නායකත්වය යටතේ වියට්නාම ජාතිකවාදී බලවේග සහ ප්‍රංශ ජාතිකයන් අතර දීර්ඝ කාලයක් පුරා පැවැති ලේ වැකි සටන යි. 1946 සිට දෙපාර්ශ්වය ම එකිනෙකාට පහර දෙමින් සිටියහ. කෙසේ වෙතත්, 1954 වන විට ප්‍රංශයේ ජාතික භාණ්ඩාගාරය මෙන් ම මහජන ඉවසීම යන යන දෙකම බිඳ වැටී තිබිණි. ප්‍රංශ ජාතිකයන් මෙම නිමක් නැති යුද්ධයෙන් වෙහෙසට පත් ව සිටියහ. මේ අතරතුර හෝ චි මිංගේ හමුදාව ජය ගත්තේ නම්, අග්නිදිග ආසියාව පුරා කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත කිරීම සඳහා ගත් පළමු පියවර සාර්ථක වීමට ඉඩ තිබිණි. ඒ බිය හේතු කොට ගෙන එක්සත් ජනපදය ප්‍රංශයට සහාය වෙමින් සිටියේ ය. එනමුත් යුද්ධයට වඩාත් සෘජු ව මැදිහත් වීම සඳහා ප්‍රංශය කළ ඉල්ලීම් ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කළ විට, ජිනීවා සමුළුවේ න්‍යාය පත්‍රයට වියට්නාම් ප්රශ්නය ඇතුළත් කරන බවට ප්‍රංශ රජය ප්‍රකාශ කළේ ය.
වියට්නාම ගැටලුව පිළිබඳ සාකච්ඡා ඇරඹුණේ ප්‍රංශය යුද්ධයේ දරුණුතම පරාජයට ලක් වූ බව සලකමිනි. මේ අතර වියට්නාම හමුදා ඩීන් බීන් ෆුහි ප්‍රංශ කඳවුර අල්ලා ගත්හ. 1954 ජූලි මාසයේ දී ජිනීවා ගිවිසුම් අත්සන් කරන ලදී. ගිවිසුමේ කොටසක් ලෙස ප්‍රංශ ජාතිකයෝ උතුරු වියට්නාමයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට එකඟ වූහ. ජිනීවා සමුළුවේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රංශ ඉන්දුචීනය බෙදී ගිය අතර, අනුප්‍රාප්තික රාජ්‍යයන් තුනක් නිර්මාණය විය. එනම්, කාම්බෝජ රාජධානිය, ලාඕසය රාජධානිය සහ වියට්නාම් ප්රජාතන්ත්රවාදී ජනරජය යි. එම වියට්නාමය ද භූමියේ 17 වන රේඛාව හරහා වියට් මිං විසින් පාලනය කළ යුතු උතුරු කලාපය සහ වියට්නාම් රජය විසින් පාලනය කළ යුතු දකුණු කලාපය වශයෙන් කොටස් දෙකකට වෙන් කෙරිණි. මුල දී වියට්නාමයේ මෙම බෙදීම තාවකාලික ව සිදු කිරීමට අදහස් කළ අතර 1956 දී රට යළි එක්සත් කිරීම සඳහා මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි. පසුව හිටපු අධිරාජ්‍යයා වූ බයෝ අයිගේ නායකත්වයෙන් එක්සත් වියට්නාම රාජ්‍යයක් බිහිකිරීම සඳහා 1956 ජූලි මාසය වන විට කටයුතු සූදානම් කෙරිණි. ඒ සඳහා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව සම්මේලනයේ බ්‍රිතාන්‍ය සභාපති විසින් නිකුත් කරන ලද, සම්මේලනයේ අවසාන ප්‍රකාශයෙහි සඳහන් කර තිබිණි.
එම වසර දෙක තුළ කිසිදු විදේශීය හමුදාවකට වියට්නාමයට ඇතුළු වීමට නොහැකි විය. තමන් වංචාවකට හසු වූ බව මිං හට වැටහිණි. එනමුත් ඔහු ගිවිසුමට අත්සන් තැබීය. දකුණු වියට්නාමයේ ප්‍රංශ ජාතිකයින් විසින් පිහිටුවන ලද කොමියුනිස්ට් නොවන රූකඩ රජය ගිවිසුමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ නමුත්, එය එතරම් සැලකිල්ලට ලක් නොවී ය. එක්සත් ජනපදය ද අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ නමුත් ගිවිසුමට අවනත වීමට කැපවී සිටියේ ය.
දකුණු කොරියාව, උතුරු කොරියාව, මහජන චීන සමූහාණ්ඩුව (පී.ආර්.සී.), සෝවියට් සමාජවාදී ජනරජ සංගමය (යූ.එස්.එස්.ආර්.) සහ ඇමරිකා එක්සත් ජනපදය යන රාජ්‍ය තාන්ත්‍රිකයින් සමුළුවේ කොරියානු පාර්ශවය සමඟ කටයුතු කළහ. ඉන්දුචීන පාර්ශවය සඳහා ප්‍රංශය සහ වියට් මිං මූලික ව කටයුතු කළහ. එනමුත් සෝවියට් සංගමය, පී.ආර්.සී., ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ද ප්‍රංශ ඉන්දුචීනය හරහා නිර්මාණය වන අනාගත රාජ්‍යයන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට සූදානම් ව සිටියහ.
පෞද්ගලික ව, එක්සත් ජනපද නිලධාරීන්ට හැඟුණේ ජිනීවා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම ව්‍යසනයක් වන බව යි. වියට්නාමයේ ජාතික මැතිවරණයක් හේතුවෙන් ප්‍රංශ යටත් විජිතවාදීන් විසින් පරාජය කෙරුණු මිං හට අතිවිශාල ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි ඔවුන්ට ඒත්තු ගියේය. එබැවින් අවම වශයෙන් දකුණු වියට්නාමයවත් කොමියුනිස්ට්වාදීන්ගෙන් බේරා ගත හැකි ප්‍රතිපත්තියක් සකස් කිරීමට එක්සත් ජනපද රජය පොරබැදුවේ ය. වසරක් ඇතුළත එක්සත් ජනපදය දකුණු වියට්නාමයේ නව කොමියුනිස්ට් විරෝධී රජයක් පිහිටුවීමට උදව් කළ අතර එයට මූල්‍ය මෙන් ම හමුදා ආධාර ද ලබා දීමට පටන් ගත්තේ ය.
ගිවිසුම් ඇති කිරීමට උදව් කළ ද, ඒවා වියට්නාම් ප්‍රාන්තයේ සහ එක්සත් ජනපදයේ නියෝජිතයින් විසින් සෘජුව ම අත්සන් කළේ හෝ පිළිගත්තේ හෝ නැත. පසු කාලයේ දී වියට්නාම් රජය ද මැතිවරණයට ඉඩ දීම ප්‍රතික්ෂේප කළහ. එහෙයින් එම තීරණය ඊළඟ වසරේ ඇති වූ වියට්නාම් යුද්ධයට තුඩු දුන්නේ ය. අවසානයේ දී සමුළුවට සිදු වූයේ කාම්බෝජය, ලාඕසය සහ වියට්නාමය ආවරණය වන පරිදි වෙන වෙන ම සටන් විරාම ගිවිසුම් තුනක් අත්සන් කිරීමට ය.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්