සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ නීති සම්පාදනයෙන් පමණක් රටක් සෑදිය නොහැකි බවත් ඒ සඳහා ආදර්ශයක් සැපයීම වැදගත් බවත්ය.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු බවත් ඉන්පසු පාර්ලිමේන්තුවේ අනෙකුත් පිරිසට සහ ඉහළ නිලධාරීන්ට සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට සිදුවන බවයි ඔහු පෙන්වාදෙන්නේ.
එසේම ජනතාව ත්‍රෛලෝක විජය පත්‍රවලින් මත්කර සුරංගනා කතා ප්‍රකාශ කිරීම සාර්ථක නොවන බවත් රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට දැක්මක් පමණක් නොව දින වකවානු සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි