Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කිරිපිටි හිගයක් ?

රට තුළ ඉදිරි දින කිහිපයේදී කිරිපිටි හිගයක් ඇති විය හැකි බව මෙරට ප‍්‍රධාන පෙලේ කිරිපිටි ආනයනය සමාගමක සභාපතිවරයා වන ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කොට ඇත.

දින 25 ක් තිස්සේ කොළඹ වරාය තුළ කිරිපිටි බහාලුම් 15ක් රඳවාගෙන ඇති බවත් ආනයන පාලක ජනරාල් වරයා විසින් ඒ පිළිබඳ තීන්දුවක් නොගන්නා බවටත් ඔහු චෝදනා කරයි.

ඔහු තවදුරටත් කියාසිටියේ මෙම තත්ත්වයන් හේතුවෙන් පාරිභෝගිකයන්ට කිරිපිටි සඳහා ගෙවීමට සිදුවන මිල ගණන් ද ඉහළ යාමට හැකි බවයි .

“අපිට පිට රටින් කිරිපිටි සපයපු ආයතන කියනවා මේ කිරි ටික නැවත නැව්ගත කරන්න වියට්නාමයට සහ ඉන්දුනීසියාවට. එතකොට මොකද වෙන්නේ රටට කිරි හිඟයක් ඇති වෙනවා. demurrage ලක්ෂ 40කට වැඩිය ගෙවන්න වෙලා තියෙනවා.

කිරිපිටි ගෙන්නන්න නැවක් එන්න දවස් 37ක් දවස් 42ක් අතර කාලයක් යනවා. මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රටට ආවහම චක්‍රලේඛ තුන හතරක් එනවා.

නැවට බඩු දාන්න ඉස්සේල්ලා එක නීතියක්, නැවෙන් බඩු මග එන කොට තව නීතියක්, නැව ලංකාවට ඇවිල්ලා වරායට එන කොට තව නීතියක්.”