රේස් පදින්න හදපු ට්‍රැක් එක උද්‍යානයක් කළේ අපි : හිටපු ඇමති චම්පික කියයි
තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්වමින් විවෘත කළ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවති 43 සේනාංක ජනහමුවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
“ජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමා සමග වරාය නගරයේ ඉදිකරන ලද මං පෙත විවෘත කරනවයි කියලා කියනවා.
ඇත්තටම ඔය වරාය නගරයේ තිබුණා ෆෝමියුලා වන් කාර් රේස් යන්න හදපු සැලසුම. ඒ සැලසුම අවලංගු කරලා වරාය නගරයේ අපේ ජනතාවට යන්න පුළුවන් උද්‍යානයක් නිර්මාණය කළේ අපේ අමාත්‍යංශය යටතේ තමයි, 2016 වර්ෂයේ තමයි ඒක පටන් ගත්තේ.
අද තමන්ගේ වගේ ගිහින් ඒවා විවෘත කරනවා. මහනුවර නගරෙත් විශාල සංවර්ධන යෝජනා ක්‍රම ගණනාවක් විවෘත කරේ අපේ කාලේ. අපේ අමාත්‍යාංශයෙන් හදපුවා.
ගෝඨාභය කාලේ හදපු එක මහා පරිමාණ ව්යපෘතියක්වක් නෑ යනුවෙන් සඳහන් කරනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට