Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීම එන අවුරුද්දේ අයවැයට

කැබිනට් අනුමැතියකුත් හිමි වෙයි – අදියර කිහිපයක් යටතේ වැඩි කරන බවත් කියයි

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විමසා බැලීමට පත් කළ ඇමැති අනුකමිටුව මඟින් යෝජනා කර ඇති පරිදි ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ඉහළ දැමීමට ඊයේ (30) ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව එළැඹෙන අයවැයේ සිට අදියර කිහිපයකින් ඔවුන්ගේ වැටුප් ඉහළ දැමීමට නියමිතයි.

අදාළ කැබිනට් තීරණය පහළින්..

‘ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම

ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා අමත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ගුරු, විදුහල්පති හා ගුරු උපදේශක වෘත්තීය සමිති 33 ක නියෝජිතයින් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා පහත සඳහන් තීරණයන්ට එළෙඹන ලදී:

* අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කිරීම.

* ගුරු සේවය, ගුරු උපදේශක සේවය සහ විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවා වශයෙන් 2021 නොවැම්බර් මස 20 දිනට පෙර ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම.

* අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන්, 2022 අයවැය යෝජනාවක් මඟින් අදියර ගතව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

* 2021 සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසයන් සඳහා සිය රාජකාරි කටයුතුවල නිරත වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා රුපියල් 5,000/-ක් බැගින් වන විශේෂ දීමනාවක් ගෙවීම.

* අනුකාරක සභාවේ සෙසු යෝජනා පළාත් සභා හා අනෙකුත් අදාළ බලධාරින් සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

About The Author