Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොඩිය ඉස්සුවම ඔබතුමා බලන්න එන්නම් කියා ජනාධිපති මහින්දගේ ආරාධනය ප්‍රතික්ෂේප කළ නීරෝ

ශ්‍රී ලංකාව 30 වසරකටත් වඩා වැඩි කාලයක් ත්‍රාසයෙන් මුසපත් කරමින් ත්‍රස්තවාදි ක්‍රියාවල නිරත වූ LTTE සංවිධානයට එරෙහිව දියත් වූ මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවය සහ සාමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් දිවි දුන් විරෝධාර රණවිරුවෙකු වන රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝගේ පිළිබඳ මතකය මෙරට ජන හදවත් තුළ සදා අනුස්මරණිය ව තිබෙනවා.

ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස සතුරු භුමිය තුලටම ගොස් එහි සැඟවී සිටිමින් කොටි ත්‍රස්තයින්ගේ නායකයින් රැසක් මරා දමමින් ඔහු සංග්‍රාම භූමියේදී ඉටුකළ මෙහෙවර සුළුපටු එකක් වුයේ නැහැ.

ත්‍රස්තවාදීන් 217 දෙනෙකු තම ස්නයිපර් අවියෙන් අවසන් ගමන් යැවූ මේ රණවිරුවාගේ දක්ෂත්වයන් පිළිබඳ ඇසු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ආරාධනා කර ඇත්තේ තමා මුණගැසීමට පැමිණෙන ලෙසයි.

යුද්ධය දරුණු ලෙස පවතින සමයේ ලද මෙම ආරාධනයේදී ජනාධිපතිවරයාට බොහෝ සෙයින් ගරු කළ රණවිරු නීරෝ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ යුද්ධය අවසන් කොට ජයධජය එසවූ දිනයේ එතුමා මුණ ගැසීමට එන බව පවසමින්.

මෙරට පහලවූ සුවිශේෂීම ස්නයිපර් වෙඩික්කරු ලෙස සැලකෙන ශ්‍රී ලංකා යුධ හමුදාවේ රණවිරු රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ පිළිබඳ මතකය නැවත ආවර්ජනය කරමින් ඔහුගේ මව සමග සිදු කළ සොදුරු සහ සංවේදී පිලිසදරක් පිළිබඳ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

About The Author