සීනි මිල අඩු කළ විට හැළි පිටින් පෙරණ බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
ඊයේ (12) දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇමතිවරයා මේ බව පවසා ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ,
“සීනි ආනයනය වැඩිවෙලා තියෙන්නේ සීනි මිල අඩු වුණාම. සීනි අඩු මිලට දෙන එක හොඳ නෑ කියලා තමයි මාත් පුද්ගලිකව හිතන්නේ. මොකද සීනි පාවිච්චි කරන්නේ තේ බොන්න විතරක් නෙමෙයි. වෙන කර්මාන්තයක් තියෙනවා. නීතිවිරෝධී ගෘහ මට්ටමින් සිද්ධ වෙන. ගම් මට්ටමේ කර්මාන්තයක්. වැඩි වැඩියෙන් සීනි ලාභ වුණාම ඒකට යෙදවෙනවා. ඒක ප්‍රායෝගික ඇත්තක්. ඒ අය හැළි පිටින් මේ දිනවල හදා ගන්න ඇති.” යනුවෙනි.
ආණ්ඩුව පසුගිය කාලයේ සීනි සඳහා පවතී ආනයන බදු අඩු කළ අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පැවසුවේ ජනතාවට සහන ලබා දීම සඳහා මෙම තීරණය ගත බවයි,
කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා රටේ වත්මන් වෙළඳ අමාත්‍යවරයා ලෙසම කටයුතු කරමින් පවසන්නේ සීනි මිල අඩු කිරීමේ වැඩි වාසිය හිමිව ඇත්තේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයින්ට බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට