Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපිට දීමනා එපා – අසික්කිත මඩ ව්‍යාපාර නවතා ගුරු ගෞරවය රකින්න

“අපි ඉල්ලන්නේ අපිට හිමි වැටුපයි, වංගු ගහන්න එන්න එපා, සටන නවත්තන්නේ නැහැ” ගුරු සංගම් ආණ්ඩුවට කියයි

ගුරු සඳහා වසර 25 කට ආසන්න කාලයක් ප්‍රමාද කරමින් පවතින වැටුප් වර්ධක ලබා දෙන ලෙස ඉල්ලමින් පසුගිය කාලය පුරාම දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණේ කොරෝනා අවදානමද නොතකමින්.

ඊට සමගාමීව ගුරුවරුන් විසින් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කරමින් තිබූ online අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන් ද නතරකර දමා තිබුණා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද ඒවා බොහොමයක් අසාර්ථක වූ අතර පසුව පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබෙන්නේ ගුරුවරු සදහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව එළඹෙන වසරේ අයවැයෙන් අදියර කිහිපයක් යටතේ වැටුප් වර්ධක ලබා දීම කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේ නමුත් ගුරු සංගම් මෙම තීරණයට එකඟතාවය පළ කර නැහැ.

ඔවුන් පවසන්නේ මෙවන් අවස්ථාවක තමන්ට කිසිසේත්ම රුපියල් පන්දහසේ දීමනාවක් අවශ්‍ය නොවන බවයි.

රජය වහාම මැදිහත් වී වසර විසි පහකට ආසන්න කාලයක් ගුරු සේවය පවතින වැටුප් විෂමතාවය ඉවත් කොට ගුරු වෘත්තියේ ඇති අභිමානය සහ ගෞරවය ආරක්ෂා කිරීමටත්, ගුරුවරුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය පියවර ගත යුතු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ.

ආණ්ඩුව ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නේ නම් එය සිදු කරන ආකාරය නිරවුල්ව සහ පැහැදිලිව ලිඛිතව ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දෙන ගුරු වෘත්තිය සමිති අවධාරණය කරන්නේ සත්‍ය තත්ත්වය සමාජයෙන් වසන් කරමින් ගුරුවරුන්ගේ කීර්තිනාමය විනාශ කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

ගුරු සේවය නිගා කරන බවට පොදුජන පෙරමුණු අධ්‍යාපනය සමිතියේ සභාපතිවරියට චෝදනා

පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වන විට බරපතළ විවේචනයක් එල්ල වී තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ අදාල තැනැත්තිය ආණ්ඩුවේ දේශපාලන අතකොලුවක් වෙමින් ගුරු වෘත්තියට නිගා දෙන ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි.

පසුගිය අගෝස්තු මාසයේ මුල් සති කිහිපය තුළ පැවැති ගුරු විරෝධතා සඳහා සහභාගි වූ ගුරුවරුන් හාරසිය දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් විසි පස් දෙනෙකු මිය ගොස් ඇති බවත් ඇය ප්‍රකාශ කර ඇති බව සඳහන් කරන මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරන්නේ ඇය කිසිදු වගකීමකින් තොරව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රජයේ රැකවරණය ලබමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ බංගලාදේශය, ඉන්දියාව වැනි රටවල කාන්තාවන්ගේ ඡායාරූප යොදා ගනිමින් ගුරුවරු මියගොස් ඇති බවට ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරමින් මෙම පිරිස කටයුතු කරන බවයි.

මෙම සියලු තත්ත්වයන් හමුවේ රජය විසින් තීරණය කළ දීමනා ලබාදීම සහ වැටුප් වැඩි කිරීමේ යෝජනාවට තමන් බවත් ගුරු විදුහල්පති අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවටත් ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළා.

සබැඳි පුවත් – ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීම එන අවුරුද්දේ අයවැයට | කැබිනට් අනුමැතියකුත් හිමි වෙයි – අදියර කිහිපයක් යටතේ වැඩි කරන බවත් කියයි

About The Author