එක්සත් ජාතික පක්ෂය අතහැර පසුගිය කාලයේ සමගි ජන බලවේගය පක්ෂයට සහය පළ කිරීමට එක්ව සිටි රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක නියෝජිතයින් 13 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
රත්නපුර,ගොඩකවෙල,බලන්ගොඩ සහ කහවත්ත යන පළාත් පාලන ආයතන වල නියෝජිතයින් අද පෙරවරුවේ රත්නපුරයට කැඳවා තිබුණේ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සහ දිස්ත්‍රික් නායක හසිත මුහන්දිරම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් සදහායි.
සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ එහිදී රත්නපුර නගර සභාව නියෝජනය කරමින් සමගි ජන බලවේගය පක්ෂයට සහයෝගය පල කල මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සහ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය හා නැවත එක් වූ බවයි.
මේ අවස්ථාවට රත්නපුර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ලක්ෂ්මන් මුණසිංහ ,නිවිතිගල ආසන සංවිධායක නිරෝෂ් නින්දවත්ත මහතා ඇතුළු ආසන සංවිධායකවරුන් ,කළමනාකරුවන් අපේක්ෂකයන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්වූ බවයි වාර්තාවන්නේ.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි