Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“PCR ද? නෑ, මීට පස්සේ දෙන්නේ එන්නත” ජනපති මී මුරේදී කියූ හැටි

සීග්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා රෝගයට මුහුණ දෙමින් ආසාධිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා තම ග්‍රාමීය රෝහලට PCR යන්ත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි ගැමියෙකුට ජනාධිපති තුමන් ලබා දුන් සුවිශේෂී පිළිතුරක් මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබෙනවා.

පසුගියදා “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහන සඳහා මීමුරේ ගම්මානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැමියන් විසින් තමන් මුහුණ දෙන විවිධ ප්‍රශ්න ඉදිරිපත් කළ අතර එහිදී ප්‍රශ්න යොමුකළ එක පුද්ගලයෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා අවධානමට මුහුණ දීම සඳහා උඩුදුම්බර ග්‍රාමීය රෝහලට PCR යන්ත්‍රයක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලීමට දැක්වූ ප්‍රතිචාරය මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබු අතර එහිදී ජනාධිපතිවරයා PCR පරීක්ෂණ අනවශ්‍ය බව ඇඟවෙන අයුරින් ප්‍රතිචාර දක්වන අයුරු දැක ගත හැකි.

ජනාධිපතිවරයා පවසන්නේ බය වීමට අවශ්‍ය නොවන බව සහ සියල්ලන්ටම එන්නත් ලබා දෙන බවත්ය.

ශ්‍රී ලංකාව තුළ දෙකෝටි විසි ලක්ෂයකට අධික ජනතාවක් ජීවත්වන අතර මේ වන විට මෙරටට ලැබී ඇති එන්නත් ප්‍රමාණය අදාළ ජනගහනයෙන් 5% වත් ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අංශ පවසනවා.

About The Author