Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

Online ආතල් කැඩෙයි – අගමැතිගේ අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය තීරණයට හමුදාපති එරෙහි වෙයි

සුපිරි වෙළඳසැල් හරහා Online ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමට අවසර ලබා නොදෙන බව හමුදාපතිවරයා නිවේදනය කල බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සුපිරි වෙළඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමට අදාළ ප්‍රතිපත්තිමය අවසරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ ඇති මුදල් අමාත්‍යාංශය ඊයේ(16) ලබා දුන්නා.

ඒ අනුව අවසන් අවසරය සඳහා එම යෝජනාවඇතුලත් ඉල්ලීම ජාතික කොවිඩ් මර්ධන කාර්යය සාධක බලකාය වෙත ඉදිරිපත් කල අතර එහි ප්‍රධානි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමේ කතා බව අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අවසරය හිමි වුවද සුරාබදු පනත අනුව කිසිදු ලෙසකින් Online ක්‍රම වේද යොදාගනිමින් මත්පැන් අලෙවි කළනොහැකි බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය විසින් අවධාරණය කළා.

වැඩිදුර තොරතුරු සඳහා කියවන්න..

About The Author