Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහින්දගේ “මතට තිත” ගල උඩ සටනේ – නෝනද ? පොල්ල ද?

2015 පෙර පැවති රජය සමයේ “මතට තිත” නමින් මතින් තොර රටක් බිහි කිරීම සඳහා ව්‍යාපෘතියක් දියත් කළ එවකට ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවේ පිරිස් විසින් පවතින තත්වය හමුවේ මත්ද්‍රව්‍ය නිවෙස් වලට ගොස් online ක්‍රමයට අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ සූදානමක් පවතින බවට විශාල රාවයක් මේ වන විට පැතිර යනවා.

එයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ කොරෝනා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමීමෙන් රජයට රුපියල් කෝටි 1500 ඉක්මවා යන පාඩුවක් සිදුව ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දීමයි.

සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රජයට ලැබුණු ආදායම මේ වනවිට අහිමිව ගොස් ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පාඩුව පියවීමට පියවර නොගතහොත් බරපතල අර්බුදයකට මුහුණ දීමට තම දෙපාර්තමේන්තුවට මෙන්ම රටටම සිදු වනු ඇති බවයි.

මේ තත්ත්වය මත මත්පැන් නිවෙස් වෙත ගොස් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

මේ වන විට මුදල් අමාත්‍ය ධූරය දරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වන අතර ඔහු මෙරටින් මත්ද්‍රව්‍ය සහ මත්පැන් තුරන් කරන බව පවසමින් “මතට තිත” ව්‍යාපෘතිය හඳුන්වා දුන් මෙරට පස්වන විධායක ජනාධිපතිවරයායි.

මේ තත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවට නිවෙස් වලට ගොස් මත්පැන් අලෙවි කිරීම අනුමත කරමින් තීරණයක් දිය හැකිද? මතට තිත වැඩසටහනට සහ එහි ප්‍රතිපත්තිවලට කුමක් සිදුවේද? යන ප්‍රශ්නාර්ථය මේ වන විට මතුව තිබෙනවා.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ “මතට තිත” ප්‍රතිපත්තිය සැබෑ ලෙසම සද්භාවයෙන් හඳුන්වා දෙනු ලැබුවක් නම්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා ඇති කදිම අවස්ථාව මෙය බවට කිසිදු සැකයක් නැහැ.

ඒ මේ වන විට රටතුළ මත්පැන් පරිභෝජනය ඉතා අවම මට්ටමකට පත්ව තිබීම සහ ජනතාව තුළ ඇති මත්පැන් ඉල්ලුමද පහල වැටී තිබීම ද හේතුවෙන්.

එම තත්වය තුළ ලැබුණු මෙම අවස්ථාව සත්‍ය වශයෙන් යොදා ගනිමින් “මතට තිත තැබීමට” අදාළ නායකයින් කටයුතු කරනවාද?

නැතිනම් ජනතාව මත්පැන් බොමින් හෝ රාජ්‍ය භාණ්ඩාගාරය පිරවිය යුතුද? යන පිළිතුරු දෙකෙන් එකක් තෝරා දීමට මහින්ද රාජපක්ෂ මහතාටම සිදුවීම දෛවෝපගත සිදුවීමක්.

මතට තිත යනු හුදු ජනතාව ආකර්ශනය කිරීම වෙනුවෙන් දියත් කරන ලද ප්‍රවර්ධන සැරසිල්ලක් පමණක්ද?

නැතිනම් ලංකාවෙන් සැබෑ ලෙසම මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ උවමනාවක් අදාළ නායකකාරකාධින්ට තිබුණාද?

යන සියල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් මුදල් අමාත්‍යවරයා සහ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ගනු ලබන තීරණය මත ජනතවාට බලාගත හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.

නෝනද ? පොල්ල ද? තීරණය මහින්ද රාජපක්ෂ මහතා අතේ ඇත.

© මී මැස්සා