හමුවෙන්නට ආ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු වසන් කරන බවට බන්ධනාගාරයට චෝදනාවක්
මම නම් ගියේ නෑ – දයාසිරිත් චෝදනා ප්‍රතික්ෂේප කරයි
මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සහ දේශපාලඥයින් සමග සමීප සබඳතා පවත්වමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් බිලියන ගණනක මුදලක් වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි සහ ඇගේ සැමියා ලෙස සැලකෙන ඉසුරු බණ්ඩාර නමැති පුද්ගලයා සහ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ ජානකි සිරිවර්ධන නමැත්තිය පිළිබඳ මේ වන විට දිනෙන් දින නවතම පුවත් වාර්තාවෙමින් පවතිනවා.
පසුගියදා Mee Massoo TV ඔස්සේ විකාශනය වූ වැඩසටහනක් හරහාද මේ පිළිබඳ කරුණු රැසක් අනාවරණය කරනු ලැබුවේ හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු සහ වර්තමානයේ මාධ්යවෘත්තිකයෙකු ලෙස කටයුතු කරන කීර්ති රත්නායක මහතා විසින්.
එහිදී මේ වන විට බන්ධනාගාර ගතව සිටින තිලිණි ප්‍රියමාලි නැමැත්තිගේ සැමියා ලෙස සමාජය හඳුනා ගත් ඉසුරු බණ්ඩාර නමැත්තා හමුවීම සඳහා බන්ධනාගාරයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නාම ලේඛණයක්ද ඔහු විසින් හෙළි කරනු ලැබුවා.
මෙහිදී ඔහු නම් සඳහන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඔහුට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සඳහන් කරන්නේ කීර්ති රත්නායක මහතාගේ ප්‍රකාශය අසත්‍ය එකක් බවයි.
තමන් වසර දෙකකකින් පමණ කිසිදු සිරකරුවෙකු බැලීම සඳහා බන්ධනාගාරයට නොගිය බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
ඒ අනුව ඔහු මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් වරයාට තොරතුරු පවසා ඇති අතර ඊට අදාලව ඉසුරු බණ්ඩාර නමැත්තාගෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් කටඋත්තරයක් ලබා ගෙන තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කීර්ති රත්නායක මහතා සඳහන් කරන්නේ මේ වන විට බන්ධනාගාර නිලධාරීන් සත්‍ය තොරතුරු වසන් කිරීමේ වෑයමක නිරතවන බවයි.
සිරකරුවන් බැලීමට පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ඇතුලත් කරගන්නා ලේඛණයට අදාළ තොරතුරු ඇතුලත් කර නොගෙන ඇතැම් මන්ත්‍රීවරුන්ට සිරකරුවන් හමුවීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවට වන පැහැදිලි සාක්ෂි තමන් සතුව ඇති බවද කීර්ති රත්නායක මහතා සඳහන් කරනවා.
කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා සහ බන්ධනාගාර නිලධාරීන් කීර්ති රත්නායක මහතා ගේ චෝදනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටිම විශේෂත්වයක්.
එමෙන්ම දයාසිරි ජයසේකර මහතා අප සමඟ සඳහන් කළේ ඔහුගේ කීර්ති නාමයට එල්ල වී ඇති කැළැල සම්බන්ධයෙන් ඔහු කීර්ති රත්නායක මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.
පහත දැක්වෙන්නේ අදාළ සිද්ධියේ හඬ පට ඇතුලත් කොට තවත් youtube නාලිකාවක පල කර තිබු වීඩියෝවක්..
අත නොහැර කියවන තැන
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී
තලතා කට අරී – වෙච්චි සන්තෑසිය හෙළිකරයි.. සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක..