තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, MCC ගිවිසුම පිළිබඳ ව තවමත් කරුණු හදාරමින් සිටින බවය.
නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.
2018 වසරේ දී නීතිපතිවරයා වෙනුවෙන් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් මෙම කරුණු මාධ්‍ය තුළ ප්‍රචාරය වු බව ද ඇය පැවසුවාය.
එම ලිපිය සම්බන්ධයෙන් වත්මන් නීතිපතිවරයාගේ මතය වන්නේ, “මෙම ගිවිසුමේ ව්‍යවස්ථානූකූලභාවය සම්බන්ධයෙන් කිසිදු දෙයක් ප්‍රකාශ වී නොමැති බවයි“ යනුවෙන් ඇය කියාසිටියාය.
ඒ අනුව දැනට පවතින තත්ත්වය අනුව නීතිපතිවරයා විසින් රජයේ අදාළ පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ කැඳවා ඇතැයි ද නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ද ලැබීමෙන් අනතුරුව එම කරුණු ද සැලකිල්ලට ගෙන MCC ගිවිසුමේ නීත්‍යානූකූලභාවය පිළිබඳ රජයේ අදාළ පාර්ශවකරුවන් ට නීතිපති උපදෙස් ලබා දීමට නියමිත බව ද ඇය පැවසීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට