ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (29) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින් ද අඩුකර ඇත.
නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 340ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 325ක් වේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 465කි.
භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට