Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

IMF වෙතින් ශ්‍රී ලංකාවට කොළ එළියක් නමුත් සහන කිසිවක් ලබා දී නැහැ

රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව ගන්නා සෑම උත්සහයකටම තම සහාය දීමට සුදානමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (International Monetary Fund) පවසනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සදහා පැවති තාක්ෂණික සාකච්ඡා අවසන්වී ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් සදහන් කරන්නේ.

වොෂින්ටන්හි පැවති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු රැස්වීම් අතරතුර, IMF කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva සහ IMF ජෙයෂ්ඨ සාමාජිකයින්, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහා බැංකු අධිපති නන්දලාල් විරසිංහ ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් හමුවී තිබෙනවා.

ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරිම සදහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබදව එහිදී සාකච්ජා වූ බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් මේ වන තෙක් කිසිදු සහනයක් ශ්‍රී ලංකාවට හිමිව නැහැ.

About The Author