එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා ජනවාරි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මේ අනුව කොළඹ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙන බවයි.
ETI ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 05 වෙනිදා එනම් අඟහරුවාදා ඔවුන් අත්අඩංගුවට ගෙන පසු දා ඇප පිට නිදහස් කර දැමු අතර ,නැවත වතාවක් පසුගිය 08 වනදා සිකුරාදා ඔවුන් අත්අඩංගුවට ගැනුණා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි