Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තැම්පත්කරුවන්ට වස බොන්නට වෙන ලකුණු.”මහ බැංකුව වග කියන්නේ ලක්ෂ 6 කට පමණයි” – ඇමති බන්දුල කියයි.

මූල්‍ය ආයතනයන්හි මුදල් තැන්පත්කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 06ක් දක්වා පමණක් බවත් මේ පිළිබඳවද අවධානය ඇතිව ජනතාවට තම මුදල් බැංකු වල තැන්පත් කරන ලෙසත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ග්‍රාමීය ජනතාව තම මුදල් තැන්පත් කරන සමූපකාර සමිති පිළිබඳව ද චෝදනා රැසක් ලැබී ඇති බවත් එම සමිති මහ බැංකුවේ අධීක්ෂණය යටතේ නොපවතින නමුත් ඉදිරියේදී ඒ පිළිබඳවද අවධානය යොමු කරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

ද ෆිනෑන්ස් සහ ඊ.ඒ.පී ආයතනය හැරුණු කොට අනෙකුත් මූල්‍ය ආයතනයන්හි කිසිදු ගැටළුවක් නැති බවත් පසුගිය කාලයේ මහ බැංකුවේ විශ්වාසනීයත්වයට විශාල හානි සිදු වූ බව ද පෙන්වා දුන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කුමන ගැටළුවක් මතු වුවද මහබැංකුව තැම්පත්කරුවනට ගෙවීම සදහා බැදී සිටින්නේ රුපියල් ලක්ෂ 6 ක මුදලක් පමණක් බවද අවධාරණය කළා. ඒ පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක වෙමිනි.

මේ වන විට තැම්පත්කරුවන් බොහෝ පිරිසක් මෙම ආයතන වල මුදල් තැම්පත් කර ඇති අතර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමග ඔවුන් බොහෝ දෙනෙකුගේ අවසන් බලාපොරොත්තුව ද බිදවැටී තිබෙනවා.

මීට පෙරද සක්විති, Golden Key ඇතුළු මුල්‍ය ආයතන රැසක මුදල් තැම්පත් කළ බොහෝ දෙමෙකුට මුදල් අහිමි වූ අතර එම මුදල් ආගිය අතක් සොයා ගැනීමට හෝ නැවත අයකර දීමට නොහැකිවීමෙන් තැම්පත්කරුවන් සියදිවි නසා ගැනීමේ සිද්ධීන්ද වාර්තා වුණා.

බොහෝ මුල්‍ය ආයතන ප්‍රමාණයක් රාජපක්ෂ පාලන සමයේදී කඩා වැටීම ද විශේෂත්වයක්.