හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය ඇයට රජය විසින් ලබා දී තිබු මෝටර් රථ 4ක් නැවත රජයට භාර දී ඇති බව වාර්තා වනවා.හිටපු ජනාධිපති වරුන් වෙනුවෙන් වාහන සංචිතයක් පවත්වාගෙන යාම රජය සිදු කරන අතර ඒ අනුව ඇය වෙත ලබා දී තිබු බෙන්ස් රථයක් ද ඇතුළු වාහන 4ක් මෙලෙස නැවත රජයට භාර දී ඇති බව සදහන්.
වාහන භාර දීමට හේතුව ලෙස ඇය දන්වා ඇත්තේ මේ වන විට රට මුහුණ දෙන ආර්ථික අර්බුධය හමුවේ රජයේ වියදම් අඩු කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි.
මෙලෙසම රජය විසින් ලබාදුන් වාහන සංචිත දෙකක් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ලා සතුවද ඇති බවයි වාර්තා වන්නේ.එම වාහන නඩත්තු කිරීම ඉන්ධන සැපයීම ඇතුළු සියලු කටයුතු සිදුකෙරෙන්නේ රජයේ වියදමින්.
ඒ සම්බන්ධයෙන් වන ලිපිය ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා වෙත යොමු කර ඇති බවද වාර්තාවනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට