Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

Antigen Test Kit ගැන විපක්ෂය මඩ ව්‍යාපාරයක මෙන්න ඇත්ත – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

Antigen Test Kit මිලදී ගනීමේ දී කිසිදු අක්‍රමිකතාවක් සිදු නවන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ මේ දක්වා රජය එම උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් කිසිදු පාර්ශ්වයකට මුදල් ගෙවා නොමැති බවයි.

එමෙන්ම විපක්ෂය විසින් කරදරකාරී ලෙස අභූත චෝදනා නගමින් කරදර කරමින් සිටිනු වින කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා රජයට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවටද ඔහු චෝදනා කරනවා.

ගර්භණී භාවය පරීක්ෂා කරන සරල පරීක්ෂණ කට්ටලය මෙන් Antigen Test Kit එකක් මගින් කොරෝනා අසාදනය වී ඇති දැයි හදුනා ගැනීමට හැකි බවත් ඉදිරියේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා සිදුකරන මිලදී ගැනීම් වලට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා නොමිලේ ප්‍රදානය කරන සියලුම Antigen Test Kitජනතාව වෙනුවෙන් භාවිතයට ගැනීමට රජය සූදානම් වන බවත් පැවසුවා.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට ඉන් එක කට්ටලයක නිෂ්පාදන මිල රුපියල් 920 පමණ වන බවත් ඒ අනුව මිලදී ගත හැකි අවම මිලට ඒවා මිලදී ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අදාළ වීඩියෝව පහළින්..