ඉදිරියේදී අමුඩ අඳින බවත් කියයි
කුලියාපිටියට ලබා දුන් ශික්ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය ශික්ෂණ රෝහලට සහ මහාචාර්ය ඒකකය රැක ගන්නා බවට ජනතාවට මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත්, එය රැකගැනීමට අපොහොසත් වීම මත කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉඳුනිල් කුමාරතුංග මහතා අද (10) පැවති ප්‍රදේශීය සභා සැසියට චීත්තයකින් හා හැට්ටයකින් සැරසී පැමිණියේය.
එවන් තත්ත්වයක් තුළ ජනතාව ඉදිරියට පිරිමියකු සේ ඇඳ යා නොහැකි බව ද ඉඳුනිල් මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ප්‍රාදේශීය සභා මාසික රැස්වීම ආරම්භවීමට පෙර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් එක්ව කුලියාපිටිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නරත වූහ.
එම නිසා ඉදිරියේදී අමුඩ ඇඳ හෝ මෙම රෝහල රැක ගැනීමට කටයුතු සිදුකරන බව එම ස්ථානයට රැස්ව සිටි මන්ත්‍රී කණ්ඩායම පැවසීය.
© මුලාශ්‍රය – ලංකාදීප


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට