ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400 කින් පමණ ඉහළ දැමීම සඳහා ක්‍රියා කිරීම ආණ්ඩුව විසින් වක්‍රාකාරයෙන් පිළිගෙන තිබෙනවා
මාස දෙකකට පමණ ඉහතදී අහල සමාගම් විසින් කිලෝ ග්‍රෑම් 12.5 වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කිලෝ ග්‍රෑම් 3 කින් පමණ අඩු කරමින් බරින් අඩු සහ එයට සරිලන පරිදි මිල රුපියල් 400 කින් පමණ ඉහළ දැමු ගෑස් සිලින්ඩර වෙළද පොළට නිකුත් කිරීමට පියවර ගනු ලැබුවා.
සාමාන්‍ය කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේම ලේබලය වෙනස් කොට එහි ලීටර් 18 ලෙස දක්වමින් ගෑස් අලෙවි කිරීමට ලිට්රෝ සහ ලාෆ් සමාගම් දැරූ උත්සාහයන්ට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු සංවිධාන රැසක් සිය විරෝධය පළකලා.
උපුටා ගැනීම.
ලිට්රෝ සමාගම විසින් නවතම හදුන්වාදීමක් ලෙස සදහන් කරනු ලබන ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් ප්‍රමාණය වන්නේ ලීටර 18 කි. ලීටර 18 ක් යනු ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 9.18 කි. (ගෑස් 1 kg = 1.96 ලීටර) නැතහොත් (ගෑස් ලීටරයක් යනු 0.51 කිලෝ ග්‍රෑම්) කි.
මේවන විට බස්නාහිර පලාත තුළ 12.5 kg ක ගෑස් සිලින්ඩරයක් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1493/= කි. ඒ අනුව ගෑස් කිලෝ එකක මිල රුපියල් 119.44 කි.
ලිට්රෝ සමාගම පාරිභෝගිකයා ගොනාට ඇන්දවීමේ නවතම ක්‍රමවේදය අනුව ලීටර 18 ක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 1395/= කි. ( කිලෝ 9.18 කි ) ඒ අනුව ගෑස් කිලෝ එකක මිල වන්නේ 151.96 කි. එම ගෑස් සිලින්ඩරයට ගෑස් කිලෝ 12.5 ක් පිරවූයේ නම් අදාල මිල වන්නේ රුපියල් 1899.50 කි.
ඒ අනුව නවතම සිලින්ඩරයේ ගෑස් කිලෝ එකකින් රුපියල් 32.52 ක පාඩුවක් පාරිභෝගිකයාට සිදුවනු ලබයි. ගෑස් සිලින්ඩරයකින් පාරිභෝගිකයාගෙන් ගසා කන මුදල රුපියල් 406.50 කි. මේ අනුව පෙනී යන්නේ ලිට්රෝ ගෑස් සමාගම මෙරට පාරිභෝගිකයින් ගොනාට අන්දවමින් හා වලංගු නීති උල්ලංඝණය කරමින් කටයුතු කරනු ලබන බවයි.
මෙලෙස කුඨ ලෙස ගෑස් මිල ඉහළ දැමීමට මෙරට ප්‍රධාන ගෑස් සමාගම් දෙකම කටයුතු කරන බවට චෝදනා එල්ලවන විට ආණ්ඩුව ද සඳහන් කළේ එලෙස මිල ඉහළ දමා ඇත්නම් එය නීති විරෝධී බවයි.
එම වරද නිවැරදි කරන බවට ප්‍රසිද්ධ ප්රකශයන්ද ආණ්ඩුව විසින් සිදු කරනු ලැබු අතර කමිටුවක් පත් කර මේ පිලිබඳ කරුණු සොයා බලන බවද සඳහන් කළා.
නමුත් අවසානයේ සිදුව ඇත්තේ කුමක්ද?
රටේ ජනතාව රවටමින් ආණ්ඩුව විසින් අපුරු ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ හරහා වෙළඳ පොළ තුළ සාමාන්‍ය කිලෝ ග්‍රෑම් 12. 5 ක් වන ගෑස් සිලින්ඩර විකිනීමට තැබීම අනිවාර්ය කර ඇති අතර වෙලන්දුට එම ගෑස් සිලින්ඩර සැඟවීම හෝ ඒවා මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින් බලපෑම් කිරීම නොකළ හැකි බව දන්වා තිබෙනවා.

මෙය විහිලු සහගත ගැසට් නිවේදනයක් වන අතර මේ වන විට දිවයින පුරා වෙළඳසල් වල විකිණීමට ඇත්තේ බර අඩු කර මිල වැඩි කරන ලද ගෑස් සිලින්ඩර පමණක් වීම විශේෂත්වයක්.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 12.5 වූ සාමාන්‍ය ගෘහස්ත ගෑස් සිලින්ඩර සියල්ල ලීටර 18 ලෙස දක්වමින් වෙනස් කොට ඇත්තේ වෙළඳුන් නොව අදාල ගෑස් සමාගම් විසින් බවද ගැසට් ගැසූ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපති වරයාට අමතක ව ගොස් තිබිම පුදුමයක්.
අදාල ගැසට් නිවේදයේ මිලෙන් වැඩි බරින් අඩු ගෑස් සිලින්ඩර බෙදාහැරීම හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නොමැති අතර ඒ අනුව ආණ්ඩුව අදාල ගෑස් මිල ඉහල දැමීම පිළිගෙන තිබෙන බව පැහැදිලි වේ.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?