Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාව, ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් නැති රටක් බව හෙළිවෙයි

මෙතෙක් කලක් ශ්‍රී ලංකාවට ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් නොතිබූ බව අනාවරණය වී තිබෙනවා.

2017 වසරේදී යහපාලන රජය විසින් ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබාගෙන ඇති නමුත් එය ක්‍රියාත්මක වී නැති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව ආගමික හා සංස්කෘතික කටයුතු විෂයන් භාරව ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නැවත වතාවක් ඒ සඳහාවන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහළින්..

ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම –

2007 වර්ෂයේදී ප්‍රථම වරට ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් සකස් කර ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. ඉන් අනතුරුව, එම ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය තවදුරටත් සංශෝධනය කරමින් ජාතික කලා හා සංස්කෘතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා 2017 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව ඉදිරි කටයුතු සිදු වී නොමැත. මේ වන විට වර්තමානයට ගැළපෙන පරිදි සකස් කරන ලද ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව පැනනැගී ඇත. ඒ අනුව, දැනට පවතින ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය තවදුරටත් සංශෝධනය කරමින් නව ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහාත්, ඒ සඳහා සියලු සංස්කෘතීන් නියෝජනය වන පරිදි එම විෂය පිළිබඳ පුළුල් දැනුමක් සහිත විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහාත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදි‍රිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author