Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගුටි කාල හරි වැඩ කරන්න ඕන – ජනපති කියයි

ගහලා එලෙව්වත් ගුටි කාලා හරි හොඳ වැඩ කළ යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග පසුගියදා (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ හොඳ දෙයක් කිරීමට පසුබට නොවිය යුතු බවයි.

“මේක මගේ හදිසි තීරණයක් නෙමෙයි. මේක අපේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව ම කියලා තියෙනවා. අයවැයේ දී පැහැදිලිව කිව්වා අපි මෙතැනට යන්නේ කියලා. මම මේක තීරණයක් අරගෙන තියෙනවා. මේක රටට නෙමෙයි ලෝකයට ම හොඳ දෙයක්. නරක දෙයක් නම් මට අවශ්‍ය නෑ. මේක හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනි..“ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

ඒ රසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික පොහොර භාවිතය හරහා ගොවිතැන් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ අදහස් පළකරමින්.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු කර ඇති බවත් ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවර වී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක් වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළා.

හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා ඇති බවත් එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

About The Author