ලොව වටිනාකම ගිණිය නොහැකි කෞතුකාගාරයක් වශයෙන් ඊජිප්තු කෞතුකාගාරය හැඳින්විය හැකි ය. ඊට එක් හේතුවක් වනුයේ නූතන මිනිසා පුදුමයෙන් මුසපත් කරවන මමිකරණයේ සාක්ෂි ඒ තුළ දක්නට ඇති බැවිනි. පෙනී යන අන්දමට ඇතැම් ඊජිප්තු මමී වසර පන්දහසකටත් වඩා පැරැණි ය.
එකල යමෙකු මිය ගිය පසු දේහය නයිල් නදිය හරහා බටහිර ඉවුරට රැගෙන යනු ලැබේ. පසුව දේහය සෝදා, එහි බඩ පෙදෙසින් කැපීම ආරම්භ කරයි. අතුණුබහන් ආදී සියලු අවයව ඉවත් කෙරුණ ද හදවත එසේ ම තැබෙන්නේ උත්ථානයේ දී අනුබිස් දෙවියන් විසින් හදවතේ බර කිරනු ලබන බැවිනි. ඉන්පසු බැක්ටීරියා ආසාදනය නැවැත්වීම සඳහා පාම් වයින් හා රේසින් වර්ග පුරවන අතර සිරුරේ ඇති සියුම් නාලවලට හානි නොවන ලෙස ජලය ඉවත් කර ගනු ලැබේ. ඉන්පසු සිරුර සෝඩියම් ක්ලෝරයිඩ් හා සෝඩියම් බයිකාබනේට්වලින් වට කොට දින 40ක් පමණ තබනු ලැබේ. අනතුරුව සංකෝචනය වී ඇති සිරුර පිම්බීම සඳහා සිරුර තුළට ලිනන් රෙදි බහාලන අතර ඇස් ගලවා ඇති බැවින් එම ගුල් දෙකට මැණික් ඔබ්බනු ලැබේ. අවසානයේ දී සිරුර පුරා තෙල් ගල්වා, රෙදි යාර 150කින් ශරීරය ඔතනු ලැබේ.
පිරමීඩ හෝ ගල් ලෙන් තුළ තැන්පත් කරන ලද මෙවැනි ඇතැම් මමී අසල මිය ගිය පුද්ගලයා හඳුනා ගැනීම පිණිස ආලේඛ්‍ය චිත්‍රයක් (Portrait) ද ඇඳ තිබේ. මේ වන විට ඊජිප්තු කෞතුකාගාරය තුළ තැන්පත් කර ඇති එලෙස අඳින ලද චිත්‍රයක් ද සහිත මමියක් පිළිබඳ පර්යේෂණ සිදු කළ විද්‍යඥයන් හට අපූරු කරුණු කිහිපයක් සොයා ගැනීමට හැකි ව තිබෙන බව පෙනේ. දශක දෙකකට පමණ පෙර මෙම මමිය මත සිදු කරන ලද ස්කෑන් පරීක්ෂණ එතරම් සාර්ථක නො වූ අතර බොහෝ විස්තර දැක ගැනීමට අපහසු විය. එහෙයින් නව විශ්ලේෂණය සඳහා, පසුගිය සතියේ දී පර්යේෂකයන් විසින් නව සීටී ස්කෑන් පරීක්ෂණයක් සිදු කරනු ලැබුවේ, මමීයේ ව්‍යුහය මුළුමනින් ම දැක ගැනීමට ය.
මෙම මමියට අදාළ චිත්රයෙහි සිටින්නේ තරුණ ගැහැනියකි. එහෙත් පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ එම තැනැත්තියගේ ස්ථිර දත් තවම පිටතට විත් නොමැති බව යි. එනම් ඇය වයස අවුරුදු පහක පමණ දැරියක් විය යුතු ය. එසේ ම කෙතරම් පරීක්ෂණ කළ ද ඇයගේ මිය යාමට කිසිදු හේතුවක් සොයා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. දැරියගේ සිරුරේ හිස් කබලේ මුදුනේ සිට පාද දක්වා දිග අඟල් 37ක් (මිලිමීටර් 937) විය. එහෙත් රෙදිවලින් එතීමේ දී සිරුරට වැඩිපුර තවත් අඟල් 2ක් (මි.මී. 50) එකතු කර තිබිණි.
අදාළ මමිය තුළ ඉඳිකටු වැනි ව්‍යුහයන් 36ක් පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලදී. හිස සහ බෙල්ල වටා 11ක්, පාද අසල 20ක් සහ පාදය තුළ පහක් යනාදී වශයෙන් එවැනි ඉඳිකටු දක්නට ලැබිණි. එක්ස් කිරණ විවර්තනය මඟින් තීරණය කරනු ලැබුවේ නවීන ලෝහ වයර් හෝ අල්පෙනති වැනි මෙම ලෝහ කැබැලි පසුගිය කාලය මුළුල්ලේ දී ම කෞතුක වස්තුව ස්ථාවර ව පිහිටුවාලීම සඳහා උපකාර වී තිබුණු බව යි.
තවත් පුදුම සහගත සොයාගැනීමක් වූයේ, මමීයේ ඔතා ඇති අක්‍රමවත් අවසාදිත තට්ටුවකි. එය ඇතැම් විට මමිකරණයට සහභාගී වූ පූජකවරුන් විසින් ඔතන ලද වෙළුම් පටි ආරක්ෂා කර ගැනීම සඳහා භාවිත කරන ලද මඩ විය හැකි බව චිකාගෝහි වයඹ විශ්ව විද්‍යාලයේ, ෆයින්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ, සෛල හා සංවර්ධන ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂණ මහාචාර්යය, ප්‍රධාන අධ්‍යයන කර්තෘ, ස්ටුවර්ට් ස්ටොක් යෝජනා කරයි.
තවත් ප්රහේළිකාවක් වූයේ අඟල් 0.3ක (මි.මී. 7) පමණ දිග කුඩා ඉලිප්සාකාර වස්තුවකි. පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබුවේ එය මමියේ උදරයට උඩින් ඔතා ඇති බව යි. එක්ස් කිරණ විවර්තනයෙන් පෙන්නුම් කළේ එම එතුම කැල්සයිට්වලින් සාදා ඇති බවයි. එනමුත් එය කුමක් ද? ස්ටොක් පවසන්නේ මමිය සකස් කිරීමේ දී දරුවාගේ සිරුරට හානි වී ඇති බැවින් මෙම කැල්සයිට් ආවරණය යොදන්නට ඇති බව යි. තවත් සැකයක් වන්නේ දරුවා මිය ගියේ මෙම වැස්මෙන් වසා තිබෙන ස්ථානයට සිදු වූ කිසියම් කැපීමක් නිසා ද යන්න යි. මන්දයත් එවැනි තුවාලයක් සිදු වූ පසු මමිකරණයේ යෙදුණු පූජකයින් විසින් එම ස්ථානය අනිවාර්යයෙන් වසා දමන බැවිනි. එසේ නොවුණහොත් මිය ගිය පුද්ගලයා ඊළඟ ආත්මයේ දී අදාළ කැළල ද සහිත ව ඉපදෙනු ඇති බව ඔවුහු විශ්වාස කළහ. කෙසේ වෙතත්, ස්කෑන් පරීක්ෂණය, වස්තුවක කැටයම් කරන ලද තොරතුරු පෙන්වීමට තරම් ඉහළ මට්ටමක නොතිබූ බැවින් එය කුමක් විය හැකිදැයි නිශ්චිත ව පැවසිය නොහැකි විය.
මෙම කරුණු කිහිපය සොයා ගැනීමට හැකි ව තිබෙන්නේ ද ඉතා කුඩා ප්‍රදේශ පවා ගවේෂණය කළ හැකි අධි – විභේදන සහ එක්ස් කිරණ “මයික්රෝබීම්”වලට ස්තූතිවන්ත වන්නට ය. ස්ටොක් පැවසුවේ, ක්ෂීරපායී මමියක එක්ස් කිරණ විවර්තනය භාවිත කළ පළමු අවස්ථාව මෙය බවයි.
“හවරා පෝට්රේට් මමී අංක 4” ලෙස හැඳින්වෙන මෙම මමිය ඊජිප්තුවේ වයඹ දිග විශ්ව විද්‍යාලයේ, කලා කෞතුකාගාරයේ තබා ඇත. එය 1910 සිට 1911 දක්වා පුරාණ ඊජිප්තු හවාරා භූමියේ සිදු කරන ලද කැණීම්වලින් සොයා ගත් වස්තුවකි. මෙම සිරුර මමිගත කර තිබෙන්නේ ඊජිප්තුව රෝම පාලනය යටතේ තිබුණු කාලයේ දී යැයි කියවේ. මන්දයත් ඉදිරිපස පෘෂ්ඨයට සවි කර ඇති පින්තූර සහිත මමී සෑදීමට ඊජිප්තුවරුන් පටන් ගෙන තිබෙන්නේ එම යුගයේ දී වන බැවිනි. මෙවැනි මමී කිහිපයක් ම එම කෞතුකාගාරය තුළ තබා ඇති අතර තවත් අපූරු සොයා ගැනීම් කිරීම සඳහා පර්යේෂකයෝ බොහෝ සෙයින් උත්සාහ දරමින් සිටි බව පෙනේ.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්