කොරෝනා හේතුවෙන් මිය පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කළ යුතු බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පසුපස තිබෙන්නේ පටු දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයන් පමණක් බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වාදෙන්නේ සාමාන්‍ය ජනතාව උසිගන්වා එය සමාජයේ ආගමික ප්‍රශ්නයක් බවට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සහ දරන බවයි.
එමෙන්ම පවතින අවදානම් සහගත වාතාවරණය හමුවේ බෞද්ධ,කතෝලික,හින්දු යන සියලු ආගම්වල ජනතාව රටේ පවතින පොදු නීතිය පිළිපදිමින් සහ එයට ගරු කරමින් සිටින මොහොතක තවත් ජන කොට්ටාශයක් රටේ පවතින පොදු නීතියට සහ සම්මතයට ගරු නොකිරීම පිළබඳ තමන් වහන්සේ කනගාටුවන බවද අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසනවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්