Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටවල් 188 ක පුළුවන් නම්, භූමදානය කරන්න මෙහෙ බැරි ඇයි ? සමගි ජන බලවේගය රජයෙන් අසයි

ජනතාවගේ ආගමික විශ්වාසයන් අනුව ඔවුන්ගේ අවසන් කටයුතු කිරීමට ඉඩ ලබාදිය යුතු බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කරන්නේ සිංහල, දෙමළ,මුස්ලිම් භේදයකින් තොරව ඒ ඒ ජන වර්ගයන්ට තම අවසන් කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඇති අයිතියට රජය ගරු කළයුතු බවයි.

ඔහු මෙම අදහස් පලකළේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට පැවති විරෝධතාවකට අද පෙරවරුවේ එක්වෙමින්.

රටවල් 188ක් මේ වනවිට භූමදානය සඳහා අවසරය ලබාදී ඇති වටපිටාවක ලංකාව තුළ එක ජන කොට්ඨාශයක් ඉලක්ක කරගනිමින් මෙවැනි දේ කිරීම තුළ විශාල විනාශයක් ඇතිවිය හැකි බව ද ඔහු මෙහිදී සදහන් කළා.