රාජ්‍ය සේවා, පොලිස්, අල්ලස්, මැතිවරණ සහ මුදල් කොමිසම් සභාවල සභාපතිවරුන් සහ සෙසු සමාජිකයන් සදහා අද පාර්ලිමේන්තු සභාවද එකගත්වය පළ කළා.
ජනාධිපතිවරයාට 20 වන ආණ්ඩුක්‍රම ව්ය්වස්ත්ව අනුව පැවරී ඇති බලතල යොදා ගනිමින් මෙම නම් යෝජනා කිරීම සහ පත් කිරීම සිදු කර තිබෙනවා.
ඒ අනුව,
මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙන්නේ නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතායි.
අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත්කර තිබෙනවා.
පොලිස් කොමිසමේ සභාපති ධුරය හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට ලබා දී තිබෙනවා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරය සඳහා විනිසුරු ජගත් බාලපටබැඳි මහතා පත් කර තිබෙනවා.
මුදල් කොමිසමේ සභාපති ධුරය මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතා පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මුලිකත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු සභාව විසින් අද එම පත්වීම් තහවුරු කර ඇති අතර කොමිසම් වල සෙසු සාමාජිකයන්ගේ නම් ද ස්ථිර කර ඇති බවයි වාර්තාවන්නේ.
අත නොහැර කියවන තැන
ජනාධිපතිවරණය අස්සේ ඌවට නව ආණ්ඩුකාරයෙක්
ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක්
බාල ඖෂධ සිද්ධියේ සමාගම හිමිකරු අංගොඩට – කෙහෙළිය දිගටම හිරේ – නිදහස් නොකලොත් අංගවිකල වෙයිලු