පවුලට පුංචි අමුත්තෙක් එකතු වුනාට පස්සේ තාත්තලට තියන ලොකු ම ප්‍රශ්නේ තමයි තමන්ට ඒ බබා ව බලා ගන්න වැඩිපුර අවස්ථාවක් නොලැබෙන එක. එක්කෝ බබා අම්මගේ අතේ, නැත්තන් නැන්දම්මගේ අතේ. ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් තාත්තලාට හිතේ හැටියට පැටියව හුරතල් කරන්න දෙන්නේ නැහැ නේ. අම්මෝ වැටෙයි වැටෙයි කිය කිය බය කරනවා, හරියට වඩා ගන්නවත් දන්නෙ නෑ කියනවා, චෝදනා ගොඩයි.
අපේ අභිෂේක් බච්චන්ටත් ඔය තත්ත්වේ වෙනසක් වුණේ නැහැ. ඒ මදිවට තමන්ගේ නළුකම මේ වෙලාවේ ඔක්කොටම වඩා හරහට හිටලා තිබුණා කියලයි එයා කියන්නේ. චිත්‍රපටවල ප්රචාරක කටයුතු කරන්නයි, බබා ව බලන්නයි, බබාගේ අම්මව බලන්නයි, ඔය ඔක්කොට ම අභි වෙලාව හොයා ගත්තේ බොහොම අමාරුවෙන් ලූ. ඒත් එයාලා නැනී කෙනෙක් ගන්න නම් කිසිම බලාපොරොත්තුවක් තිබිලා නැහැ. දන්නවද ඒ දවස්වල අභිෂේක්ගේ විනෝදාංශය වෙලා තිබුණේ මොකක්ද කියලා? නැපීස් මාරු කරන එක…
දැන් නම් කෙල්ල ලොකුයි. තාත්තා වගේ ම ටී ශර්ට් ගහගත්තු ආරධ්‍යා, තාත්තා එක්ක රට වටේ ම යන හැටි අපට දකින්න ලැබෙනවා.
අත නොහැර කියවන තැන
හම්මෝ මට සීතල ඉවසන්න බැහැ අප්පා… – එමා වොට්සන්
පුංචි තිරයේ හැඩ මවන ගම්පහ පුංචි මන්ත්‍රී නෝනා (PHOTO)
මම කවුද?