අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව තවදුරටත් සහාය වනු ඇති බවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම මේ වනවිට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් සඳහන් කර ඇති අමාත්‍යවරයා, ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධනය අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බව ද සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඇනවුම් ලබාගනිමින් අවශ්‍ය අවම තොග පවත්වාගෙන යන ලෙසය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට