Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජකාරියට බාධා කළ තෙල් සේවකයන් නිවාඩු යවයි

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරිමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයන්ට බලපෑම් කරමින් එම සේවා අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් සහ එයට සහය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු ගැන්වීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සේවකයන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිශ්‍රයන් සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත්කර ඇති බවත් සෙසු නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් පවත්වාගෙන යාමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහතින් අමුණා ඇත