ඉකුත් මැයි මාසයේ මෙරට ඇති වූ නොසන්සුන්තා මැද අරගල කරුවන් විසින් තම නිවසේ තිබූ පොත් දස දහසක් පමණ වූ පුස්තකාලයද ගිනි තබා තිබූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
එය තමාගේ පුස්තකාලයක් නොව අධි නීතිඥවරියක් වන තම බිරිඳගේ හා දරුවන්ගේ පොත්පත් බවත් ඔහු පැවසීය.
එහි පොත් දස දහසක් පමණ තිබූ බවත් ජීවිත කාලය පුරාම එකතුකරන ලද පොත් බවත් පැවසූ ඔහු දැන් නැවතත් එම පුස්තකාලය සැදීම සඳහා පොත් එකතු කරන බවද සදහන් කර තිබෙනවා.
ඔක්සිජන් කන්න දැයි විමසීමේ සිදු වීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතාට සමාජයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට