හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අද(01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
ඔහු පසුගිය මහමැතිවරණදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ වැදුණා.
2015 වසරේ ඔහු යහපාලන කඳවුරට සහය පල කරමින් රාජපක්ෂ රජයෙන් ඉවත්ව කටයුතු කළා.
මර්වින් සිල්වා මහතා අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසට පැමිණ ඔහු අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.
ඔහුට ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයක්ද හිමිවනු ඇති බවට තොරතුරු වාර්තවනවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්