Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මර්වින් සිල්වා එජාපය අත හරී : මෛත්‍රීපාල හමුවී නිදහස් පක්ෂයට බැඳේ

හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අද(01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඔහු පසුගිය මහමැතිවරණදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ වැදුණා.

2015 වසරේ ඔහු යහපාලන කඳවුරට සහය පල කරමින් රාජපක්ෂ රජයෙන් ඉවත්ව කටයුතු කළා.

මර්වින් සිල්වා මහතා අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේනගේ නිල නිවසට පැමිණ ඔහු අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඔහුට ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයක්ද හිමිවනු ඇති බවට තොරතුරු වාර්තවනවා.